Saturday, August 6, 2011
ආත්මය විනිවිදීමට අවැසි විය| නොහැකි විය.
ඇස් දෙක ඉස්සරහ මහ දරුණු සීතලක් දැනෙන්න ගත්තා.පපුවෙ හිර වෙලා ඉන්න දඟලපු අන්තිම වායු කදම්භය බීම බටයක් දිගේ ක්ෂණිකව උඩට ආවා වගේ තේරුණා.මගේ ආත්මය දැන් මම ඉස්සරහ .
"වරෙන් මගෙ ඇඟ ඇතුළට" මම කෑ ගැහුවා.
"මම උඹ ළඟ තවත් ඉන්නෙ නැහැ" ඇය ගේ ප්‍රකාශය හරිම දරුණුයි.නමුත් අව්‍යාජයි.මට ඒක දැනුණෙ ඇගේ ඇස් වලින්.ඇය හිටියෙ පුදුම තරහකින්...
"ඇයි උඹ මං ගැන නොහිතන්නෙ?" මම ආයාචනා කළේ,බලාපොරොත්තුවක් රහිතව.ඇය ඉල්ලපු එක දෙයක් වත් මම ඇයට දීලා තියනවාද? ඒ අතින් ගත්තම මේතරම් කල් මගෙ ළග හිටිය එක ලොකු දෙයක්...
ඇයට ඕනේ වුණා පොඩි කාලෙ සහෝදරයෙක්..මම ඇයට කිව්වෙ හිතෙන් එහෙම එකෙක් මවා ගනින් කියලා...ඇයට ඕනේ වුණා පොඩි කාලෙ යාලුවො එක්ක විනෝද වෙන්න.මම ඇයට කිව්වෙ තනියම විනෝද වීමක් ගැන හිතීම සුන්දරයි කියලා...ඒ ඔක්කොම එහෙම විය යුතුයි කියලා තීරණය කළේ මම නෙවෙයි..වටේ හිටි අය...මම කළේ ඇයට ඒ බව තේරුම් කරපු එක විතරයි..
මම නිසා ඇයට කාලෙන් කාලෙට විවිධ දේවල් කරන්න වුණා.. හුඟක් දුක් විඳින්නත් වෙන්න ඇති.
අවුරුදු බින්දුවෙ ඉඳන් විස්ස වෙනකන් ම ඇය බෝනික්කෙක් වුණා..(ඒ ගෙදරට).හයේ ඉඳන් විසි හතර වෙනකන් ම ඇය රොබෝ වරියක්..(ඒ ගුරුවරුන්ට සහා සම වයසෙ යාලුවො කියලා පෙන්නලා දීපු අයට),විසි එකේ ඉඳන් මේ වෙනකන් මෘදුකාංගයක් (ඒ පෙම්වතාට,පසු කාලීන සැමියාට)....
මම ආත්මය ඇතුළෙ ඉන්න ගැහැණු ආත්මෙට එළියට එන්න ඉඩ නොදුන්න "පාපතරයෙක්"....මට හිතුණා..ඒත් එහෙම වුණා නම්!
අවිනීත දැරියක්.අකීකරු සිසුවියක්..චපල පෙම්වතියක්..!කොටින්ම ගණිකාවක්...
මම මේ ඔක්කොම කියා ගෙන කියා ගෙන ගියා..හරිම වේගෙන්...ඒ වාගෙම ආවේගෙන්...ඒත්
ආත්මය මට සවන් දුන්නෙම නැහැ...තුට්ටුවකටවත්..
"පලයන් තවත් කලලයක් ඇතුළට. කොහොමත් මම හාට් ඇටැක් එකකින් මැරුණා කියන එක සෑහෙන්න ආඩම්බරයි."
මහත්තයාගෙ තත්වෙටත් හොඳයි.දරුවන්ගෙ අනාගතේටත් හොඳයි.වහ බිව්වා.එල්ලිලා මැරුණා කිව්වොත් ඒක ඒ අයට නරකයි...අනික හැමොම කියයි වාසනාවන්ත මරණයක් කියලා..දුක් නොවිඳපු මරණයක් කියලා..
අහ් "මරණය ජීවත් වීමට වඩා පහසුයි"....ඇයට කියන්න පෙර ඇය ගියා.
ආත්මය ගියා...යන්නම ගියා..වෙනත් වෙසකින් ඇය නැවත උත්පත්තිය ලබයි.ශක්ති සංස්ථිති නියමය ට අනුව ඒක එහෙමයි...මම පොළවට පෝර වෙයි..නැත්තම් අලු වෙලා ගඟකට දියාරු වෙයි...ඒකත් ශක්ති සංස්ථිති නියමයම තමයි.
මනෝකාය ගැන කතා කරන රටේ ශරීරයට වරක් හෝ පෙම් බැදි මම
සාෂා රෙමිඩියාස්
Subscribe to:
Post Comments (Atom)
awesome post...පලවෙනි එක විදියට නියමයි!! දිගටම ලියන්න..සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් අවකාශයට :)
ReplyDeletePS: remove the word verification pls
නියමයි සාෂා!
ReplyDeleteදැන් වේලාව උදේ 6.00 ඔන්න ඉර ඇහරිලා ඉන්න වේලාවේ මාත් ආවා නිල් කදු මුදුනට.. අවට චමත්කාරයි.සිතුවිලි මනහරයි..පිළිගන්නවා කදු මුදුනෙන් සයිබර් අවකාශයට..:)
ReplyDeleteස්තූතියි ඩිප්ස්....විසිතුරු....චතුමිතු
ReplyDeleteආරම්භය පහසුයි.. පවත්වාගැනීමයි වැදගත්.. දිගටම ලියන්න එකතු වෙන්න.... මගෙත් පලවෙනි පෝස්ට් එකට මෙහෙම අවවාදයක් මට ලැබුනා....
ReplyDeleteස්තූතියි අභීත ....සැබවින්ම...අනතුරු ඇඟවීමක්...සුන්දර
ReplyDeleteඅපූරුයි! පළවෙනි පෝස්ට් එකක් විදිහට මම දැකපු හොඳම පෝස්ට් එකක්! දිගටම ලියමු...
ReplyDeleteහොඳයි! රැල්ලට පිටින් යන නිසා තවත් හොඳයි. "අනන්තයට පෙර" කොටසෙ, මම පහලින් දාන ටික මේ විදිහට ආවොත් මරු. මට හිතිච්ච විදිහට පවුල් කියන වචනෙත් එක්කම නිල් පාට විය යුතුයි.
ReplyDeleteසාමාන්‍ය කාන්තාවගේ
පවුල් අඳෝනාවෙන් පිට ලොවක් දැකීමට
වෙර දරමි.!
.මුචලින්ද සහෝදරයා....මම එය නැවත සකසන්නම්.. සැබවින්ම එය මා අතින් වූ වරදක්...
ReplyDeleteපූසා සහෝ ස්තූතියි ..දෝංකාරයට
දිගටම ලියන්න යාලු. අපි කියවන්න එනවා. ඒ නිසා නොලිය ඉන්නේ නැතුව මොනවාහරි ලියන්න.
ReplyDeleteබ්ලොග් එකේ දුක සතුට බෙදාගමු !!!!
ජය වේවා !!!!!
ස්තූතියි මධුරංග...
ReplyDeleteඇත්තටම හොද පෝස්ට් එකක් .. අන්තිමට කියන ශක්ති සංස්ථිති නියමය ගැන නම් දන්නෙ නෑ.
ReplyDeleteෂා......... නියමයි... පළවෙනිම පෝස්ට් එක නියමයි... දිගටම ලියන්න... මගෙන් සුභ පැතුම්...!!!!
ReplyDelete