Monday, August 8, 2011
තවත් එක් නිමේෂයක ඉර පායා තිබිණි| අඳුරුය...
ජනේලය ඇරියාම උදේ පාන්දරම එන සිසිල් සුළඟින් හිත පිරුණා කියලා ස්ටේටස් අප්ඩේට් කළාට ,
බෝඩිම් කාමරයට තිබුණෙ එකම එක දොරක් විතරයි. ලෑලි වල හිල් අස්සෙන් එන හිරු එළිය.. ඇඳටත්, සිමෙන්ති කැඩිලා පුංචි වලවල් හැදුන පොළවටත් පාත් වුණේ පුංචි ඉරි කෑලි වගේ..
ඊයෙ බත් කද්දි ඒ වල ඇතුළට වැටුණු බත් ඇට තුන, හතර, නිදි මතේ අතු ගාද්දි මඟ ඇරිලා.. දිග කූඹි පෝළිමක් හෙමින් හෙමින් බත් ඇටය උස්සගෙන යන්න ඇවිත්. වලට උඩින් වැටෙන හිරු ලපය නිසාද මන්දා උන් පේන්නෙත් රත්තරං පාටට..
මම තව ස්ටේටස් එකක් අප්ඩේට් කළා.. අඩු ගාණට ගත්ත චයිනීස් ෆෝන් එක නැති වෙන්න, ජීවිතේම මහා පාලුවක් වෙන්න ඉඩ තිබ්බා.. මම මම නෙවෙයි වගේ මුහුණු පොතේ හැසිරුණා සෑහෙන්න කල්.... ඇත්ත නම ශ්‍රීමා වුණාට , මම එතන ඉන්නෙ සංසලා කියලා.. මේ දවස් වල ජනප්‍රිය නමක් නිසා රික්වෙස්ට් කෝටියයි.. මට
වැඩ කරන්නෙ ගාමන්ට් එකක බව ඒකෙ ෆ්‍රෙන්ඩ්ස්ලා කවුරුත් දන්නෙ නැහැ... දාලා තියෙන ප්‍රොෆයිල් පින්තූරෙ නිසාද මන්දා මඟුල් යෝජනා තුනක්ම ආවා....
අක්කටත් ගමේ ගියාම කියන්න ඕනේ, මෙයින් එකක් හදා ගන්න කියලා ....
ඇයි දෙයියනේ නිකන් ගෙදෙට්ට නාකිවෙන එකේ ආතල් එකක්වත් ගන්න බැරියෑ..... කාව හරි අල්ලගත්තොත්... මේකෙ ඉන්නෙ ඔක්කොම ලොක්කො.. එක සොක්කෙක් වත් නැහැ.
මාව හම්බ වෙන අද හවසට කෙනෙක් වෙලාවක් ඉල්ලුවා. කටුනායකදි හම්බවුණොත් ඔක්කොම ඉවර නිසයි මම මගට එන්න තැනක් ගැන කිව්වෙ... තියෙන හොඳම ඇඳුම ඇඳගෙන යන්න ඕනේ... එයා හාඩ් වෙයාර් ඉන්ජිනේරුවෙක්ලුනෙ... බර අත්තක් වෙන්න ඇති.
මම දොර ඇරියා.. පයිප්පෙ ළඟ පෝළිමට සෙනඟ පිරිලා
කපුටො රංචුවක්.. කඩේ ඉස්සරහ විසි කරපු පිලුණු වඩේ එකකට පොර කනවා.... මුන් කොයි තරම් නම් මෝඩද?
අර හවසට එන කෙනා හාඩ්වෙයාර් ඉංජිනේරුවෙක් නොවී ත්‍රීවිල් ඩ්‍රයිවර් කෙනෙක් වුණා නම් කියලා මට හදිස්සියෙ ම හිතුනා...
ඒ හිතිවිල්ල එක්කම විසාකා දොරෙන් ගෙට ගොඩ වුණා.. ඊයෙ රෑ නයිට් ශිෆ්ට් එක ඉවර වෙලා..
"ඉක්මනට ලෑස්ති වෙලා පලයන්. අන්න සුපයිසරය කිව්වා.. අද උඹව හත වෙනකන් තියා ගන්නවා කියලා.. ඇත්තට බං... පහට වැඩ ඉවරනම් ඉතුරු පැය දෙක ?" ඇගේ මුහුණෙ තිබ්බෙ ඉරිසියාකාර හිනාවක්..
මම ආයෙත් එළිය බැලුවා.. ටැප් එකේ වතුර ගලා ගෙන ගිහින් පීල්ල දිගේ කුණු කාණුවට වැටුණා. ඒ කාණුවට ඉහලින් ඉර පායනවාද කියලා බලන්න මට අමතක වුණා.
ඇගේ කාමරය දිහා හිල් අස්සෙන් බලා ගෙන ඇගේ ඇස් කියවූ මම
සාෂා
Subscribe to:
Post Comments (Atom)
අන්තිම ඉහලයි.ඉරිසියා හිතෙනව ලියවිලා තියෙන අපූරුව දැක්කම.ඔබේ පෑනට ජයෙන් ජය.
ReplyDeleteස්තූතියි අකූ...ඔබත් අනිවාර්යයයෙන්ම දක්ෂයෙක් වියයුතුමයි.
ReplyDeleteඅන්න නියම ලියවිල්ලක්! සමහර ගාමන්ට් කෙල්ලන්ගේ ජීවිතේ ඇත්තම ඇත්ත කතාවත් මේකම වෙන්න ඇති.
ReplyDeleteදිගටම ලියන්න :) කියවන් යනකොට මොකක්දෝ අමුතු හැගීමක් ආවා. කියන්න තේරෙන්නේ නැහැ
ReplyDeleteඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එකක් උඩට මවුස් ඒක ගෙනිච්චම ලින්ක් ඒක කළු පාටට පෙන්නේ. ඒක හදන්න...නැත්තම් ක්ලික් කරන්න ලින්ක් එක පෙන්නේ නැතිව යනවා
ReplyDeleteමම හදන්නම් ඩීප්ස් ඒක...ස්තූතියි...හමෝටම ස්තූතියි අදහස් වලට
ReplyDeleteපූසාටත්
නියමයි! දිගටම ලියමු :) අදයි මම මේ බ්ලොගය දැක්කේ..
ReplyDeleteඔයා ලියනව ලස්සනයි
ReplyDeleteමාරම ලස්සනයි... මොකක්දෝ අමුතුම ගතියක් තියනව ඔය ලියන විදියෙ... නියමයි..!!! තව දිගටම ලියන්න...:)
ReplyDeleteමාරයි, හරිම ලස්සනයි ලියන විදිය.. :)
ReplyDeleteලස්සනයි ..අපිත් ඔන්න දොර ලෑල්ලේ හිල් අස්සෙන් එබුන
ReplyDeleteලිවිල්ල නම් ගින්දරය !!!!
ReplyDeleteසුපිරි ලිවිල්ලක්. දිගටම ඔයවගේ ලියන්න සහෝදරි.
ස්තූතියි...ඔයාලාට මට දක්වන දිරිගැන්වීමට
ReplyDelete